ප්‍රචණ්ඩකාරී හැසිරීම කෙරෙහි ජීව විද්‍යාත්මක බලපෑම්ද පරිසර විද්‍යාත්මකව බලපෑම්ද හේතු වන්නේ යන්න විමසා බැලිමේ දී පෙනී යන්නේ ඊට අදාලව අධ්‍යාපනඥයින්, මනෝ විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති අදහස් අනුව ජීවියකු විසින් ජීව විද්‍යාත්මකව උරුම කරගෙන ඇති ජානවල විභවතාවයන් කෙරෙහි ඒ ඒ පුද්ගලයා ජීවත්වන පරිසරයෙහි බලපෑම් ද ඊට හේතු වන බව ය.
පුද්ගලයෙකු උපදින විදිය නොව ඊට මාස නමයකට පෙර පිළිසිඳ ගන්නා විට ඇතිවූ සියලුම සාධක ආරය වශයෙන් ද, ඉන්පසු ඔහු කෙරෙහි බලපෑ හැම බාහිර සාධකයක්ම පරිසරය ලෙසද ගත යුතු යැයි වුඩ්වර්ත් පවසා තිබේ. පුද්ගලයකුගේ පැවැත්මත්, සංවර්ධනයත් කෙරෙහි බලපාන හැම සාධකයක්ම ආරයත් පරිසරයක් යන දෙ දෙකටම අයත් වන බව ඔහු පවසයි.
මොන්ටේගු දක්වන පරිදි ජාන සම්පූර්ණ ශූන්‍ය පරිසරයට වැඩෙන්නක් නොවේ. එසේම අපට කළ හැකි දේ පිළිබඳව සීමාවන් ජාන මගින් තීරණය වන අතර එම සීමාවන් තුළ විභව්‍යතාවයන් ඉටුකරන ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ පරිසරය මගින් බව ඔහු පැහැදිලි කර කරයි.
මේ අනුව යම් චර්යාවක් සඳහා ජීව විද්‍යාත්මක සාධකද බලපෑ හැකි අතර පරිසර සාධකද චර්යාවන් කෙරෙහි හේතු වන බව විවිධ චර්යා නිරීක්ෂකයන් පැහැදිලි කරයි.
ප්රචණ්ඩත්වය චර්යාවකි. ප්රචණ්ඩත්වය යන්න කෙටියෙන් අර්ථ ගැන්වීමේ දී කිය යුත්තේ එය පුද්ගලයෙක් හෝ සත්වයෙක් තවත් අයෙකුට හානියක් කිරීමේ අදහසින් කරනු ලබන හැසිරීමක් බවයි. එසේම තමන්ගේ අරමුණක් ඉටු කර ගැනීම සඳහා බලය අයුතු ලෙස යොද වීමක් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් විදහා දක්වයි.
පුද්ගලයන්ගේ ප්‍රචණ්ඩකාරී බවට ජීව විද්‍යාත්මක සාධක හේතු වේ. විශේෂයෙන්ම මිනිසුන් ගත්කල ගැහැණුන්ට වඩා පිරිමි ප්‍රචණ්ඩකාරී වීමට ජීව විද්‍යාත්මක සාධක හේතු වේ. පිරිමින් මාංශ පේෂි දැඩිවීමත්, විශාල වීම හා කයේ ශක්තිය වැඩිවීම ප්‍රචණ්ඩකාරී බව වැඩිවීමට හේතුවේ, පිරිමින්ට ඇඩ්රිනලින් හෝමෝන මගින් සිදුකරන ජෛව අභ්‍යන්තරික සිදු කරන වෙනස්වීම් ගැහැණු අයට සාපේක්ෂව වැඩි වීම් නිසා ආවේගශීලී බව වැඩිවේ. මෙම ආවේගශීලී බව නිසා ප්රන්ඩකාරී හැසිරීමට පෙළඹීම් වැඩිවේ.
එමෙන්ම පිරිමි සටන් කිරීමට, අවි ආයුධ භාවිතයට නැඹුරු වන ප්‍රවණතාවය වැඩිය. ජීව විද්‍යාත්මකව බලන කළ පිරිමින්ට වඩා ගැහැණු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරවීමේදී එය ප්‍රදර්ශනය කරන ආකාරය වෙනස්ය. ගැහැණුන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනය ක්‍රියාත්මක වීම නිසා ස්වභායෙන්ම ගැහැණු සියුමැලිය. ඔවුන්ගේ ආවේග ප්‍රවේණිගත ලක්ෂණ අනුව සමනය වීමත් දක්නට ලැබේ. ගැහැණුන්ගේ ප්‍රචණ්ඩකාරී බව බොහෝ විට ප්‍රකාශ වන්නේ වචනවලිනි. එනම් වාග් ප්‍රහාර එල්ල කිරීමෙනි. එසේම කථා නොකර නිහඩ ව සිටීම, හැඟීම් මගින් පිළිබිඹු පිළිබිඹු කිරීම් වැනි ක්‍රම ගැහැණු තුළ දක්නට ලැබෙන දෙයකි.
පරිසර සාධක අනුව බැලූවිට පුද්ගල ප්‍රචණ්ඩත්වයට බොහෝ විට ඔවුන් ජීවත්වන සමාජය ආශ්රිත විවිධ දේ බලපායි. උදාහරණ යුධ ගැටුම් බහුල ප්‍රදේශවල පුද්ගලයින් නිරන්තරයෙන් ප්‍රචන්ඩකාරී හැසිරීම් පෙළඹේ. ප්‍රදේශ වල කුඩා ළමයින් පවා අවි ආයුධ භාවිතා කිරීම, පහරදීම්, එවැනි කණ්ඩායම් වලට එකතු වීම සිදුවේ.
එසේම මුඩුක්කු වැනි පරිසරවල දී ජීවත් වෙන පුද්ගලයින් තුල ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිය. මුදල් ලබාගැනීමේ විවිධ අයුතු වෙළදාම් වල යෙදීම.උදාහරණ ආයුධ, මස් මත්පැන්, මත්ද්‍රව්‍යය, මත්කුඩු, ගණිකා වෙළදාම වැනි දේවල් වල යෙදීම හා ඒ මත ඇති වන තරගය ප්‍රචණ්ඩකාරී බවට හේතු වේ. තවද එවන් පරිසරවල වෙසෙන කුඩා ළමයින් ද වැඩිහිටියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිතර අත්දකින බැවින් ඔවුන්ද ඒවා අනුගමනය කිරීමට ඉබේටම හුරු වේ.
එමෙන්ම සමාජ අසාධාරණයට ලක්වූ පුද්ගලයින් තුළ ප්‍රචණ්ඩතාවය ඇති වන බව පැහැදිලි වේ. මෙයට බලපාන්නේ ද සමාජ පරිසරයකි. 88- 89 කාලයේදී තරුණ තරුණියන් ප්‍රචණ්ඩකාරී හැසිරීමට හේතු ලෙස තරුණියන්ට රැකියා අවස්ථා අහිමි වීම, රජය තුළ තරුණ තරුණියන් සඳහා විධිමත් වැඩ පිළිවෙලක් නොතැබීම එම නිසා තරුණ අසහනය වැඩි වීම තදින් බලපෑවේය.
එසේම දේශගුණික සාධක ද ප්රචණ්ඩත්වයත්වයට බලපාන බව ඒ ගැන සොයා බැලීමේදී පැහැදිලි වේ. සෞම්‍ය දේශගුණික ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින්ට වඩා වියළි පරිසරවල ජීවත්වන පුද්ගලයින්ගේ ප්‍රචණ්ඩකාරී බව වැඩිය .
උදාහරණ වශයෙන් නුවරඑළිය වැනි ප්‍රදේශවල මිනිසුන්ට වඩා හම්බන්තොට,මොණරාගල වැනි ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩි වශයෙන් වාර්තා වේ.
එමෙන්ම මුහුද ආශ්රිත වෙසෙන ජනතාව තුල ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිය. පරිසරයේ ඇති වියළි බව, රළු බව, හිරු රශ්මිය, අධික වීම ආදී පාරිසරික හේතුවෙන් පුද්ගලයන් තුළ ද රළු, ගොරෝසු හැසිරීම් නිතර දක්නට ලැබේ.
වර්තමානයේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිවීමට මාධ්‍ය බලපෑම් ද තරමක් හෝ බලපෑම් ද තරමක් හෝ බලපා ඇති බව කිව යුතුය. මෙයද ප්‍රචණ්ඩකාරී හැසිරීම් සඳහා පරිසර සාධකයෙකි. මාධ්‍ය තුළින් නිරන්තරයෙන්ම පෙන්වන බිහිසුණු සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපට, ආවේගකාරී දර්ශන ඇතුළත් වැඩසටහන්,ප්‍රේමයෙන් පරාජිත වීම් ඇතුළත් හින්දි චිත්‍රපටි කාමුක දර්ශන බහුල චිත්‍රපටි ආදිය පුද්ගල ප්‍රචණ්ඩකාරී හැසිරීම් සඳහා හේතු වී ඇත. උදාහරණ ලෙස පසුගිය කාලයේ පාසල් ශිෂ්‍යයෙක් අතින් අවුරුදු 02 වයසෙති නැගෙනිය දූෂණයට ලක් වූයේ කාමුක දර්ශන ඇතුළත් චිත්‍රපටියක් නරඹමින් සිටි අවස්ථාවක බව ඒ පිළිබඳ පරීක්ෂණයකදී හෙළිවී වී තිබේ. මේ නිසා ලිංගික ප්‍රචණ්ඩකාරී බවට මාධ්‍ය බලපෑම් බොහෝ දුරට දැඩි ලෙස හේතු වී ඇති බව පෙන්වා දිය හැකිය.
තවද කප්පම් ලබාගැනීමේ අදහසින් මතුගම ප්‍රදේශයේ කුඩා ළමයෙකු රඳවා ගෙන සිට මරාදැමීමේ සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පාසල් සිසුන් කිහිප දෙනෙක් ප්‍රකාශ කළේ රූපවාහිනිය මගින් පෙන්වන ලද හින්දි චිත්‍රපටියක් ඇසුරින් එම දරුවා පැහැර ගැනීම් සැලසුම් කළ බවයි.
එමෙන්ම සංගීත සංදර්ශනවල වලින් නැගෙන වේග රිද්ම සංගීතයටද ප්‍රචණ්ඩකාරී හැසිරීමට හේතුවන බව පැහැදිලි වේ. මෙහිදී පරිසර සාධක මෙන්ම ජීව විද්‍යා සාධක ද එම හැසිරීම් වලට බලපාන බව පෙන්වා දිය හැකියි.
සමහර අවස්ථාවල දෙමව්පියන් තුළ ඇති ප්‍රචණ්ඩකාරී හැසිරීම් දරුවන්ටද ජීව විද්‍යාත්මකව බලපාන බව පෙනෙන්නට තිබේ. ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පියෙකුගේ දරුවන්ටද එම ගති ලක්ෂණ පිහිටීමට හැකියාව තිබේ. නමුත් වැඩිපුර දක්නට ඇත්තේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇති ගෘහ පරිසරයක වෙසෙන දරුවන්ටද එම් අත්දැකීම් වල්ට මුහුණ දීම හේතුවෙන් ඔවුන් තුළ ද ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇති වී තිබෙන බවයි.
පාසල් පරිසරය තුළින් ද මේ සඳහා කරුණු පෙන්වා දිය හැකිය. ආවේගශීලී විදුහල්පතිවරයෙක්ගේ නායකත්වය දෙන පාසලක ළමයින් තුල ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිපුර දැකිය හැකිය. එසේම නිතර කෝප වන පන්තිභාර ගුරුවරයකු ගේ පන්තියෙහි ළමයින් තුළ ප්‍රචණ්ඩකාරී බව වැඩිපුර දක්නට ලැබේ.
එසේම සිරකඳවුරු වල වෙසෙන පුද්ගලයින් තුල ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිය. එයට බලපා ඇත්තේ ඔවුන් වෙසෙන පරිසරයයි. ආහාර හිගකම්, සම්පත් වල් හිගකම් හා දැඩි නීතිරීති වලට යටත් වීම හා තමන්ගේ පවුල් පරිසරයෙන් ඈත් වීමෙන් ඇතිවන මානසික පීඩනය හේතුවෙන් එම පරිසරය තුළ සිටින සිරගත වූවන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිරන්තරයෙන් දක්නට ලැබේ.
පුද්ගල ප්රචණ්ඩත්වය මෙන්ම සතුන් තුලද ප්‍රචණ්ඩකාරී බව , ජීව විද්‍යාත්මකම හා පරිසර විද්‍යාත්මක ව පැහැදිලි කළ හැකි.
මිනිසා මෙන්ම අනිකුත් ක්ෂීර්ෂීරපායීන්ගේ පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ප්‍රචණ්ඩකාරී ය. එයිනුත් සමාන ලිංගිකයන් අතර මෙය බහුලව දැකිය හැකිය. පිරිමි සතුන්ගේ බෝ වීමේ කාලය තුළ ලිංගික කාර්යය සඳහා ආක්රමණශීලීත්වය වැඩි වේ. විශේෂයෙන්ම ජීව විද්‍යාත්මකව බලන විට ලිංගික කාර්යය සඳහා සමහර සතුන්ගේ හෝමෝන ශ්‍රාවය වන කාලයේ දී ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩි වේ. අලියන් වැනි සත්වයන් ගත්කල ඔවුන් ගේ ලිංගික කාර්යයන් සඳහා සුදානම් වන කාලයේ අනෙක් කාලයට වඩා චන්ඩ වන බව දක්නට ලැබේ. එසේම ගවයින්, අශ්වයන් වැනි සත්වයින්ට ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය ඇතිවන කාලයේ දී ප්‍රචණ්ඩකාරී බව වැඩිවේ.
වඳුරන් අතර ද මේ තත්ත්වය දැකිය හැකිවේ.වදුරු රැලක නායකයා වීමට අනෙක් පිරිමි වඳුරන් මරා දැමීමට තරම් ආක්‍රමණ බව දැකිය හැකි වේ.සත්ත්ව ප්‍රචණ්ඩකාරී බව පරිසර විද්‍යාත්මකව බැලූ කල පෙනී යන කරුණක් නම් සතුන්ගේ විලෝපීතාවය ඉතා වැදගත් කරුණක් බවයි. එනම් සතුන් තවත් සතෙකු ගොදුරු කර ගැනීමයි. විලෝපීතාවය වැඩි කර ගැනීමට සතුන් ප් ප්‍රචණ්ඩකාරීව හැසිරේ. ගංවතුර, නියඟ ආදී පරිසර සාධක හේතුවෙන් ඇතිවන විවිධතා වලට සතුන් මුහුණ දෙන විට ගොදුර සොයා ගැනීම අසීරු වේ. එමෙන්ම ජීවීන්ගේ ගහනය වැඩි කාලයට ජීවීන් අතර තරගය වැඩිය. එවිට ආක්රමණශීලීතාවය වැඩිවේ.
මෙයින් ප්‍රබලයා ජය ගන්නා අතර දුබලයා පරාජයට පත්වේ. එවිට ප්‍රබලයා ගැහැණු සතුන් සමඟ ලිංගිකව හැසිරීමෙන් ප්රබලයාගේ පරම්පරාව ඉදිරියට ගෙන යයි. දුබලයා ක්‍රමයෙන් පරිසරයෙන් වඳ වී යයි. ජීව විද්‍යාත්මකව බැලූ විට පෙනී යන්නේ ප්රබලයාාගේ ජාන ඊළඟ පරම් පරම්පරාවට යන බැවින් ආක්‍රමණශීලී බව ජාල මගින් ඊළඟ පරම් පරම්පරාවට හිමිවන බවයි.
අභිජනන කාලසීමාවේදී පිරිමි සතුන් තම කණ්ඩායමේ ගැහැණු සතුන් වෙත යොමු වන අනෙක් පිරිමි සතුන්ට පහර දුන්න ද තමන් ලිංගිකව පිළිගන්නා ගැහැණු සතුන්ට පහරදීම්ක් නොකරයි. සුනඛයින් තම වර්ගයා සමග රංචු ගැසීම, එම රැලේ නායකයා වීමට අනිකුත් පිරිමි සතුන්ට පහර දෙන ආකාරයක් පෙන්නුම් කිිරීම හෝ පහරදීමක් සිදු කරනු ලැබේ. එබැවින් සුනඛයින් තමන්ගේ ප්‍රචණ්ඩකාරී බව තුළින් ගැහැණු සතා සමග ලිංගික කාරයන් සඳහා අවස්ථාව උදා කර ගනී.
එසේම සතුන් තමන්ගේ පැටවුන් ආරක්ෂා කර ගැනීමට ප්‍රචණ්ඩකාරී ව හැසිරෙන අවස්ථා ද ඇත. අලි රැලක පැටවුන් ලැබීමෙන් පැටවා මැදි කරගෙන අලි රංචුව ගමන් කරනු දක්නට ලැබේ. එම කාලයේ දී අලියන් ඉතා ප්‍රචණ්ඩකාරී ව හැසිරෙමින් තම පැටවුන් ආරක්ෂා කර ගනී.
මේ අනුව පෙනී යන්නේ සතුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ට ජීව විද්‍යාත්මක සාධක මෙන්ම පරිසර සාධක ද ඉවහල් වී ඇති බවයි.
මේ අනුව පෙනී යන්නේ සතුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම ට ජීවිත් යාත්මක සාධක මෙන්ම පරිසර සාධක ද ඉවහල් වී ඇති බවයි.
✍✍✍හිරු ✍✍✍




Good..👍
ReplyDelete👍👍👍👍
ReplyDeletegreat job! well done!
ReplyDelete👍👍👍
ReplyDeleteඅනෙ එක මාව කුල් මත් කරා 🥺
ReplyDelete🤜🤛
ReplyDeleteNice ����
ReplyDeleteGood article .💜️ 👍👍👍
ReplyDelete👌👌
ReplyDelete👈
ReplyDeleteGreat❤
ReplyDeleteGood job👌👍
ReplyDeletevery useful article 💙👌
ReplyDeleteWell said 👏👏
ReplyDelete👍👍👍
ReplyDelete👌👌👈
ReplyDeleteGreat
ReplyDeleteනියමයි☺🤩
ReplyDeleteNiyamai
ReplyDeleteSUPER 👍
ReplyDeleteSuper mnike
ReplyDelete❤️❤️❤️
ReplyDelete